ජනපති බේරුවල : අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව කියයි


මහින්ද රාජපක්ෂ ජනපති අද බේරුවල ගියේය. අලුත්ගම, ධර්ගා ටවුන්හි ඇතිවූ ගැටුම් ගැන සොයා බැලීමට ජනපති මුලින්ම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය.

කිසි පුද්ගලයකුට හෝ දේපොළකට හානි කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ජනපති එහිදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ද ජනපති පැවසීය.

ජනපතිවරයා බේරුවල දී බෞද්ධ හා මුස්ලිම් පිරිස් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.