ජනපති බුද්ධගයාව වඳි


දෙදින දඹදිව වන්දාන ගමනක යෙදෙමින් මහින්ද රාජපක්ෂ ජනපති අද බුද්ධගයාව වැඳපුදා ගත්තේය. බුද්ධගයා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බිහාර මහා ඇමැති නිටිෂ් කුමාර් ඇතුළු ප්‍රාන්ත නිලධරයෝ ජනපති පිළිගත්හ. ප්‍රාන්ත පොලිසිය උත්තමාචාරයක් පැවැත්විය. ගුවන්තොටේ සිට රිය පෙරහැරකින් ජනපති ඓතිහාසික  බුද්ධගයාවට කැඳවාගෙන එනු ලැබීය. බුද්ධ ගායාවේ ජයශ්‍රී මහාබෝ සමිදුන් වැඳපුදා ගත් ජනපති එහි දී  භාවනා කෙළේය. ජනපති අන්ද්‍රා ප්‍රදේශයේ හිරුපති වෙත යෑමට නියමිතය. ජනපති ආර්යාව ජනපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු 70 දෙනකු පමණ පිරිසක් මෙම ගමනට එක් වූහ.