ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන බදාදා (17) ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මහත්මිය හමුවීමට නියමිතය.
ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක්ද එදින පෙරවරුවේ ජර්මන් චාන්ස්ලර්වරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ උත්තමාචාරයක් එහිදී පිළිගැන්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජර්මන් පාර්ලිමේන්තුව වෙතද යන ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන නියෝජිතයින්ද හමුවීමට නියමිතව ඇත.
පසුව ජර්මන් ජනාධිපති ජෝෂිම් ග්වැක් මහතා සහ එරට විදේශ කටයුතු අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් මහතාද හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
19 වැනිදා ජර්මනියේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා ඕස්ටි‍්‍රයාවේ බලා පිටත් යනු ඇත.

