අද අලුයම ගින්නකින් විනාශයට පත් වූ පුන්ඩලුඔය නගරයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධිමත් සැලැස්මක් යටතේ නගරය යළි ගොඩ නගරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
මේ ගින්නෙන් කඩකාමර 30ක් පමණ විනාශ වී ඇතැයි සිංහල හා දෙමළ ව්‍යාපාරිකයෝ කීහ.
අවිධිමත් ලෙස කළ ඉදිකිරීම් ගින්නට හේතු වන්නට ඇතැයි ජනපති කීවේය.

