බලපිටිය සිද්ධාර්ත විද්‍යාලයයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමට බලපිටියට පැමිණීමට නියමිත මහින්ද රාජපක්ෂ ජනපති පිළි ගැනීමට බලපිටිය ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීීන් කොඩි වැල් අදිද්දී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ඩබ්ලිව් සෙනරත් මහතා ද ඊට සහාය දැක්වීය.
ඔහු සිටියේ කොල පැහැති කමිසයකින් සැරසීීය.
ජනපති පිළි ගැනීමට කොඩිවැල් අදින්නේ ආණ්ඩු පක්ෂයට මාරු වීදැයි මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ජනපති සියලු පක්ෂවලට පොදු බවයි.
‘ගමට ජනාධිපතිතුමා පැමිණෙනවා නම් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඒ කටයුතු කරනවා. ගමේ දරුවන්ට සම්පත් ලබා දෙනවා නම් අපි එය අගය කරනවා.‘

