ටෝනිගේ මුල් චිත්‍රපට දෙකම ඇණහිටලා
ටෝනි රණසිංහ නම් වූ සිංහල සිනමාවට පෑයු අපූර්වතම තරුව, මුලින්ම සිනමා ප්‍රේක්ෂකයින් හමුවට ආවේ 1963දී තිරගතවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය හරහාය. එහෙත් ඔහු චිත්‍රපට ලෝකයට ඇතුළු වූයේ 1958දී සිරිසේන වීමලවීරගේ ‘පුංචි අම්මා’ චිත්‍රපටයේ රාණි රණතුංග සමඟ ප්‍රධාන චරිතය රඟපාමින්. සිරිසේන විමලවීරට ටෝනි හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන විසින්. විමලවීරගේ ඊළඟ නිර්මාණය වූ ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයේද සන්ධ්‍යා කුමාරි සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ ටෝනි. එහෙත් ටෝනි මුලින්ම රඟපෑ මේ චිත්‍රපට දෙකම අතරමඟ ඇණ හිටියේ විමලවීරගේ හදිසි අභාවය නිසාය.
රොනීව විහිළුවට ගන්න එපා
අපේ ජනප්‍රිය රංගන ශිල්පී රොනී ලීච් ගායකයෙක් හැටියටත් විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. රොනී මුලින්ම සිනමා රංගනයට පිවිසුණේ සේන සමරසිංහගේ ‘ඈතින් ඈතට’ චිත්‍රපටය හරහා. ඉන් පස්සෙ රොනී ජනප්‍රිය වුණේ විකට නළුවෙක් හැටියට.
ඒත් රොනී ලීච් තරම් පැරුණි සිංහල චිත්‍රපට, පැරුණි නළු නිළියන් ගැන විස්තර දන්නා වෙනින් කෙනෙක් නැති තරම්. ඕනෑම පැරුණි සිංහල චිත්‍රපටයක් ගැන හෝ අපේ පැරුණි නළු නිළියන් ගැන ඕනෑම විස්තරයක් රොනීට තියෙන්නේ පුදුම මතකයක්. ඉහේ කෙස් ගාණෙන් මනුස්සයෙකුගෙ වටිනාකම මනින්න එපා කියන්නෙ ඕකටනෙ.
කුෂාණි කරාටේ ශූරියක්
ගායනය, රංගනය හා නර්තන යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙන්ම සුවිශේෂි දස්කම් දක්වා අති කුෂාණි සඳරේඛා, කරාටේ සටන් ක්‍රමද හදාරා තිබෙනවා.
රොෂාන්, උද්දික සංගීතය හරහා රංගනයට
ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රොෂාන් පිලපිටිය හා උද්දික ප්‍රේමරත්න රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර සංගීත කණ්ඩායම් නියෝජනය කරමින් ගායකයින් හා වාදකයින් ලෙස රට තුළ ජනප්‍රියව සිටියා.
ඉගෙනීම මඟ දමා රස්සාවට ආ ෆොන්සේකා
සිනමාවට නැඟුණු ‘පාලම යට’ හා ටෙලි නාට්‍යයක් ලෙස දිග හැරුණු ‘රන් මසු උයන’ නවකතා දෙක ලියූ ප්‍රවීණ, සම්මානනීය ගත්කරු කුලසේන ෆොන්සේකා, ඔහුගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කර දමා මුද්‍රණ අංශයේ රුකියාවකට බැඳී දිගු කාලයක් සේවය කර තිබෙනවා. මුලින්ම ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේද පසුව ලේක්හවුස් හා කොළඹ මහ නගර සභාවේ මුද්‍රණ අංශවලද ඔහු සේවය කළා. මුද්‍රණ අංශයේ සේවය කරන අතරතුර පොතපත හා විවිධ ලේඛන කියවීමට ලැබුණු අවස්ථා නිසා ඔහුගේ සිත ලේඛන කලාවට යොමු වී තිබෙනවා.
ප්‍රේමදාස ශන්මුගම් වෙයි
1941 වසරේ වේදිකාගත වුණු ‘කානිවල්’ නමැති වේදිකා නාට්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ශන්මුගම් නමැති දෙමළ තරුණයකුගේ චරිතයක් නිරෑපණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ වින්සන්ට් පෙරේරා එම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.