අයවැයෙන් අහිමි කළ රාජ්‍ය සේවක වරප‍්‍රසාද යළි ලබාගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (4) පැවත්වු සාකච්ජාවේ දී තම ඉල්ලීම් සඳහා යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවත් ඒ පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා තමාගේද මූලිකත්වයෙන් පවත්වන බවට ජනපති පොරොන්දු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පැවසීය.
අයවැය සම්මත කිරීමට පෙර මේ මස 10 වැනි දාත් 19 වැනි දාත් අතර දිනකදී මෙම සාකච්ඡාව පැවැත්වීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව කී වෛද්‍ය හේරත්, එම සාකච්ඡාවේ දී යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී විය.
විදුලි බලයෙන් ක්‍රියාකරන කාර් හා හයිබ්‍රිඩ් කාර් වැනි පරිසර හිතකාමි වාහන වලට පනවා ඇති බදු ඉවත් කිරිම වැනි ඉල්ලිම් වලට ජනාධිපතිගෙන් හොඳ ප්‍රතිකාර ලැබුණූ බව ඔහු කියයි.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)



