ජනපති ප්‍රකාශය නැකතට


ජනාධිපතිවරණයක් සඳහා වූ නිල ප්‍රකාශය අද (20) දහවල් යෙදෙන සුබ නැකතකට නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සන්ධාන ආරංචි මාර්ග කියයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (19) රාත්‍රී පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේ සන්ධාන අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම එහිදී ස්ථිර වූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.