ජනපති පරීක්ෂණ කණ්ඩායම විමල්ගේ අමාත්‍යංශයේ


ජනාධිපති  ලේකම් කාර්යාලයයේ විශේෂ විමර්ශන ඒකකය ගිය අඟහරුවාදා  ජාතික නිවාස  සංවර්ධන අධිකාරියේ පරීක්ෂණයකට ගිය බව නිවාස අධිකාරියේ ආරංචි කියයි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක්  ඉද්දමල්ගොඩ මහතා ගේ නායකත්වයෙන් පවත්නා ඒකකය එහි ගියේ ජනාධිපතිවරයාට ලැබී ඇති පැමිණිල්ලක් ගැන සොයා බැලීම සඳහාය.

රජයේ ආයතනවල සිදු වන එවැනි දේ ගැන සොයා බැලීම සඳහා වන බලතල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරී ඇත.

එම කණ්ඩායම එහි ගියේ කුමක් සඳහා දැයි පැහැදිළි නැතැත් ඉහළින් ආ නියෝගයක් අනුව එසේ කරන්නට ඇතැයි දැනගන්නට ඇත.

මේ පරීක්ෂණය සඳහා ගිය පිරිස පසුව අපසු පැමිණි බවද දැනගන්නට ඇත.

(සන්ඩේ ටයිම්ස් )