ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය සහ 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට සමගාමීව දිවයිනේ සෑම විහාරස්ථානයකටම ඔසු උයනක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය මහරගම, නාවින්න පුරාණ රජමහා විහාරස්ථානයේදී අද (8) ආරම්භ කැරිණි.
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනට භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.




