ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර පකිස්ථානයේ නිළ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපතිවරයා පිටත්ව ගිය අතර ඔහු මෙම සංචාරයේදී පකිස්ථාන ජනාධිපති, අගමැති හා ආරක්ෂක ලේකම්වරයාද මුණ ගැසීමට නියමිත බව වාර්ථා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේදී පකිස්ථානය සමග ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත ය.
ඡායාරූපය - චන්දන පෙරේරා


