ජනපති නිවෙසට ගිනි තැබුවාට සමාජ ක්‍රියාකරුවකු අල්ලයි


(නිමන්ති රණසිංහ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් අද (26) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණි බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට අරගලය පැවැති ඉකුත් වසරේ ජුනි මස 09 වැනිදා ‘ගිනි තැබීමේ සිදුවීම’ සජීවී විකාශයක් වශයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් මෙම තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.