ජනපති නියමයෙන් පරීක්ෂණ දෙකක්


බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පහර දුන්නැයි කියන සිද්ධිය හා විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය  මහ කොමසාරිස්ට විරුද්ධව කර ඇති පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යයි.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගයෙන් මේ පරීක්ෂණය පැවැත්වෙයි.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීමට ජනපතිවරයාත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගොස් සමුළුව අවසානයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී  සජින් වාස් ගුණවර්ධන පහර දුන්නැයි චෝදනා එල්ල විය.