ජනපති නවදිල්ලි යයි


දුම්කොළ පාලනය පිළිබඳව වැඩසටහනක් සකසා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ජාතික සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පස්වරු 2.15ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

උත්තර ප්‍රදේශයේ ගෞතම් බුද් නගර් දිස්ත්‍රික්කයේ නොයිඩා නගරයේ මෙම සමුළුව පැවැත්වේ.

සිරිසේන මහතා නවදිල්ලි රාස්ඨ්‍රපති නුවරදී ඉන්දිය ජනපති ප්‍රනා මුකර්ජී අද (06) හමුවීමට නියමිතය‍

සඳුදා සවස ජනපති යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

ජනපති සමඟ 12 දෙනෙක්ද ගියහ.