අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව මහ ඉහළින් පැවැත්විණි. එහිදී ජනපති අගමැති ඇතුළු මැති ඇමැතිවරුද ආගමික නායකයෝද විද්වත් වෘත්තිකයෝද කථා පැවැත්වූහ.
සෝභිත හිමියන්ගේ ගුණ කථන කිහිපයක්ම අවසානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථාවට වාරය ළඟා විය.
ඊළඟ කථිකයා හඳුන්වාදීමට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදකයෝ තිදෙනෙක් වූහ. සිංහල හා දෙමළ බසින් මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ආරාධනා කළද ඉංග්‍රීසි බසින් ආරාධනා කළ නිවේදකයා ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම සභාවේ සිටියේද නැත.
වහාම වැරැද්ද නිවැරදි කළ නිවේදකයා යළි නිවැරදිව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.

