ජනපති ධුර කාලය වසරකින් අඩු කරන යෝජනාවක්


ජනපති නිල කාලය වසර හතරකට අඩු කරන්නැයි පුලතිසිපුර නිලදරු උපහාර උළලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති යෝජනාවක් ඉදිරිපත් කළේය.

එම වසර පහක් කිරීම පසුව පැවති සාකච්ඡාවේ දී අනුමත විය.

දැනට ජනපති නිල කාලය වසර හයකි.

සිරිසේන මහතා වැඩ බාර ගනිමින් පැවසුවේ යළි තමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.

පොළොන්නරුවේ වකුගඩු රෝගීන් 1011දෙනකුට රුපියල් තුන් දහස බැගින් සහනාධාර බෙදා දීමේ උත්සවයේ දී ජනපති පැවසුවේ බහු ජාතික සමාගම්වල තීන්දු තීරණවලට හිස නොනමා පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන බවයි.

රජරට වකුගඩු රෝගයට හේතුව ඇතැම් බහුජාතික සමාගම්වල පොහොර සමඟ ආසනික් වැනි දැඩි හානිකර රසායන එක්වීම බව හෙළඋරුමයේ ලේකම් අතුරලියේ රතන හිමියෝ ගිය රජයට සාධක සහිතව කරුණු ඉදිරිපත් කළහ. එහෙත් අහිතකර පොහොර වර්ග ඉවත් නොකැරිණි.

_DSC0328 _DSC0353 _DSC0361