ජනපති දෙවැනි කණ්ඩායම නවත්වයි


මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යෑම ජනපති අනින් නතර කරන බව නිලූකා ඒකනායක ආණ්ඩුකාරවරිය කියන්නීය.

එහි මුල් කණ්ඩායමේ මන්ත්‍රින් තිස්දෙනෙක් රුසියා යෑමට දැනටමත් කටුනායක ගුවන් තොටට ගොස් සිටී. මෛත්‍රිපාල ජනපති නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය කියන්නීය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපති ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.

ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.

දැනට ගුවන්තොටට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින් පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව නිලුකා ඒකනායක ආණ්ඩුකාරවරිය පවසන්නීය.

මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද මැදිව සිටී

web25-09-2016-_____-___-________-___-1 web25-09-2016-_____-___-________-___-2

Commonwealth Service At Westminster Abbey ccbb02be1d3607f85e850500e0702edc_L