අම්පාර දීඝවාපී පිරවාර චෛත්‍ය මහා විහාරයේ නව පිවිසුම් පාලම විවෘත කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද දීඝවාපී පුදබිම වැඳපුදා ගත්තේය. විහාරාධිපති පූජ්‍ය පෝදිදිවෙල චන්ද්‍රානන්ද නායක හිමියන් හා පිළිසඳරේ යෙදුණු ජනාධිපතිවරයා විහාර භූමියේ අනුස්මරණ පැලයක් ද රෝපණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.





