ජනපති දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .

එතුමා සමග මෙම සංචාරය සදහා අමාත්‍ය විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ .

මෙම සංචාරය නව රජය බලයට පත් වූ පසු චීන රජයේ ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් සිදු කළ ආරාධනයකට අනුව සංවිධානය කර තිබුණි .

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිය සසංචාරය නිමා කරමින් චීනයේ චෙන්ඩු නුවර සිට , චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රී 09.05ට පැමිණ තිබුණි .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉකුත් 13 දින රාත්‍රී සිය චීන සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගොස් තිබුණි .