ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචාගේ ආරාධනාව මත මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය සිවුදින තායිලන්ත නිල සංචාරය අද (1) ආරම්භ කළේය.
ජනපතිවරයා ඇතුළු දූත පිරිස තායිලන්ත වේලාවෙන් මධ්‍යාහ්න 12.12ට ශ්‍රි ලංකන් ගුවන් යානයකින් බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන්තොටුපළින් තායිලන්තයට ළගාවීය.
තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා ඇතුළු තායිලන්ත රාජ්‍ය නිලධාරීන් විසින් ජනපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය ගෞරව හා හමුදා උත්තමාචාර යටතේ පිළිගනු ලැබීය.
ජනපතිවරයාගේ තායිලන්ත සංචාරයට සමගාමීව මහියංගන විහාරයේ සර්වඥ ධාතූන් වහන්සේද තායිලන්තයට වැඩමවීම සිදුවිය.

