සංචාරක, සූර්ය බල ශක්තිය, සීනි, වාහන අමතර කොටස්, කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ සිය ආයෝජන සිදු කිරීමට තායිලන්ත රජය හා ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිඥා දුන්හ.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ද්විත්ව බදු ක්‍රමය අහෝසි කර දෙරට අතර ආයෝජන අවස්ථා වැඩි කිරීමට පියවර ගත යුතු බව ව්‍යාපාරික හමුවේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
තායිලන්තයේ උප අගමැති සොමිකිද් ජතුස්ශ්‍රීපිතක් මහතාගේ සහභාගීත්වයෙන් හමුව පැවැත්විණි.

