ජනපති තායි රජකුමරිය හමුවේ


සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය ස්රා පතුම් මාළිගාවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.

පැයකට අධික කාලයක් සිරිසේන මහතා සහ තායිලන්ත රජ කුමරිය අදහස් හුවමාරු කරගත්හ. දෙරටේ ආගමික හා සමාජයීය සබඳතාව ශක්තිමත් කර ගැනීමටත් දෙරටේ මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

තායිලන්ත රජකුමරිය පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයේදී අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල සිදු කළ සංචාරය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින සුන්දරත්වය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළාය.

thailnd201511401

thai_2015114