මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා අද දහවල් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
සිකුරාදා රාත්‍රී ඔහු රෝහලට ඇතුලත් වූ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.
තමා අද දහවල් ටිකට් කපාගෙන ගිය බවත්, කකුලේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ බවත් ඔහු අපට දන්වා ඇත.
රෝගියකු රෝහලකට ඇතුළු වෙද්දී වෛද්‍යවරයකුට පවසන අසනීප කවරේදැයි අප ළඟ තොරතුරු ඇතත් සදාචාරාත්මක හා පෞද්ගලික හේතු නිසා ඒවා සඳන් නොකරමු.

