
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කරන්දෙණිය ඇත්කඳුර සිරිනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ කරණ්දෙණිය ප්‍රධාන සංවිධායක නුවන් සොමිරත්න මහතා සහ ප්‍රදේශවාසීහු මෙම බෝධි පූජා පින්කම සංවිධානය කළහ.
ජනාධිපතිවරයාගේ ජන්ම දිනය අද (24) දිනට යෙදී තිබෙයි.

