ජනපති කොමිසමේ නිර්දේශ හමස් මල්ලේ


මීගමුව කළපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාඡපකෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීම, මීගමුව කළපු සංවර්ධනය නමින් රුපියල් කෝටි 1 1/2 කට අධික මුදලක් වැය කොට   පලකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිතා  කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පස්දෙනකුට එරෙහිව නඩු දමන ලෙස බරපතල අපරාධ සොයන ජනාධිපති කොමිසම නිර්දේශ කර මාසතුනක් ගත වුවත් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැතැයි කොමිසමේ ආරංචි මාර්ග කියයි.

මේ ගැන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ පසුගිය  නොවැම්බර මාසයේ දී එම නිර්දේශ නීතිපති හා අල්ලස් කොමිසමට යැවූ බවයි.

  ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව එම ආයතන මෙතෙක් දැනුම් දී නැතැයි ද ඔහු කීවේය.