බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට දඩුවම් නියම කිරීමේ බලතලද ලබාදෙන ලෙසට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් කොමිසමේ නිලධරයින් හා රජයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යයි.
ජනපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු අගමැතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු ජනපති කොමිසමේ කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව පැවැත්වීමට යන බවද වාර්තා වේ.

