පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති පරිකෂණ කොමිසමේ කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
කොමිසමේ වසරක නිල කාලය ලබන මාර්තු මාසය වන විට බවත් විමර්ශන බොහොමයක් අවසන් කොට නොමැති බවත් ඔහු කීවේය.

