ජනපති කාර්යාල වියදම කෝටි 9000කින් කපයි


ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුණ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

එහි වාසිය ජනතාවට හිමි වන බව ද ඔහු පවසයි.