ජනපති කාර්යාල වාහන ගාලක් කෝට්ටේ


පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සමුපකාර සමිතියට අයත් ඉඩමක ජනපති ලේකම් කාර්යාලයට අයිති බව කියන වාහන 53 ක් පමණ ගාල් කර ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇතැම් වාහන කාලයකට පෙර එහි ගාල් කර ඇත.

අලුත් හා පරණ වාහන එහි ඇත.

එම රථ ගාලේ මුරකරුවකු පොලිසියට පවසා ඇත්තේ කිසිම වාහනයක් ගැන පොතක පතක සටහනක් නැති බවයි. ජනාධිපති කාර්යාලයේ රංජිත් නම් මහත්තයෙක් අන්තිම වතාවට මේ ළඟදී ට්‍රැක්ටර් දෙකක් හා මෝටර් සයිකලයක් ගෙන ආවා. එම වාහනවල යතුරුත් ඔහු අරගෙන යනවා. පොලිසිය පවසනුයේ කාර් 34 ක්, ජීප් 13ක් , වෑන් 2ක් හා කැබ් 2ක් ද එහි ඇති බවයි.

වැලිකඩ පොලිසිය මෙම රියගාලට ආරක්ෂාව සපයයි.


මේ සම්බන්ධයෙන් පිටකෝට්ටේ සමූපකාර සමිතියේ දුරකථන අංක 011 286 31 52 ට කථා කළ විට පිටකෝට්ටේ සමූපකාර සමිතියේ  සාමාන්‍යාධිකාරියැයි කියන පුද්ගලයෙකු මෙසේ කීවේය. නම ඇසූ නමුත් ඔහු නම අවශ්‍ය නැතැයි කීවේය.

‘‘පිටකෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර සමුූපකාර සමිතියට අයත් ඉඩම් කිහිපයක්ම මෙම  ප‍්‍රදේශයේ තියෙනවා. ඉන් එකක් මීට වසර තුනකට පමණ පෙරදී ජනාධිපති කාර්යාලයට බදු දී තිබුණා. මසකට රුපියල් ලක්ෂයක මුදලක් අප ආයතනයට එම බදු දිීමෙන්  ලැබුණා‘‘

‘‘එම ඉඩම වගකිවයුතු රජයේ ආයත දු දුන් පසුව එහි මොනවා කරනවාද යන්න පිළිබදව අප ආයතනයට වගකීමක් නැහැ. එම ඉඩම බදුගත් පසුව ජනාධිපති කාර්යාලය විසින්  ආරක්ෂාවත් සලසා තිබුණා. අප වෙන කිසිවක් දන්නේ නැහැ‘‘

DSC02054 DSC02055 DSC02057 DSC02070 DSC02081 DSC02095 DSC02098 DSC02108

DSC02004 DSC02011 DSC02014