ගාල්ල ඊරියගොල්ලගහ හන්දියේ ගරාජයක තිබී චැසි අංක,අංක තහඩු ,එන්ජින් අංක නොමැති ඉන්ටර්කූලර් ජිප්රියක් සොයාගත් බව රහස් පොලීසිය පවසයි.
ගරාජයේ හිමිකරු පවසනුයේ මැතිවරණයකට දින කිහිපයකට පෙර නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ලේකම්වරයකු යැයි පවසන පුද්ගලයකු වාහනය අලුත් වැඩියා කිරීම සඳහා ගෙන ආ බවත් වතුර නොමැතිව ධාවනය කිරීම නිසා එන්ජිමට දැඩි හානි සිදු වී වාහනය භාවිතයට ගත නොහැකි යැයි ද ඔහු පවසයි.
වාහනය පිළිබඳ තොරතුරු සැපැයු ගාල්ල එජාප මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පොලීසියට කියා ඇත්තේ මෙම වාහනය ජනාධිපති ලේකම් කාර්යාල රථ සංචිතයේ එකක් බවයි.

