ජනපති කහවත්තෙ අම්මයි දරුවොයි හමුවෙයි


ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් සරසමින් සිටිය දී වෙඩි පහරින් මිය ගිය කහවත්ත වැල්ලදුර නැමිනිකන්දේ එජාප පාක්ෂිකයකු වන ශාන්ත දොඩංගොඩ මහතාගේ පවුලේ සාමාජිකයෝ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද ජනාධිපති කාර්යාලයයට කැඳවනු ලැබූහ.

ඔවුන්ගේ සුව දුක් විමසූ ජනපති ඔවුනට කනගාටුව පළ කළේය.

ශාන්ද දොඩංගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

01(63)