ජනපති කටවුට් ලැයිස්තුවක් උසාවියෙන් ඉල්ලයි


කොළඹ කෝට්ටේ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන්හි ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති අපේක්ෂක රුව රැගත් පුවරුවල ලැයිස්තුවක් අද (18) දහවල් 12ට පෙර මැතිවරණ කොමසාරිස් සහ නියෝජ්‍ය පොලිස්පති වෙත ලබාදෙන දෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කළේය.

ඉන්පසු ඉදිරි පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.