ජනපති ඔළුවිල් වරාය විවෘත කරයි


පරණ තුවාල මතකයේ තබා ගැනීමෙන් ජාතික සමගිය ඇති කළ නොහැකියැයිද තමා අතීත කුණු අවුස්සන කෙනෙකු නොවේයැයිද  කුමන කාරණයක් වුවද බුද්ධියෙන් හා විමසිල්ලෙන් සෙවිය යුතු යැයිද මහින්ද  රාජපක්ෂ ජනපති ඔළුවිල් වරාය විවෘත කරමින් අද (01) පැවසීය.

නැගෙනහිර  පිහිටි ධීවර හා වාණිජ්‍ය වරාය  ඒ එච් එම් අශ්රෝෆ් හිටපු  මුස්ලිම් කොංග්‍රස් නායකගේ අදහසක් අනුව ඉදි විය.කොළඹ සිට දුර කිලෝමීටර් 370 කි.

ටොන් තුන්දහසක් පමණ බර නැවි ඇතුළු විය හැකි ඔළුවිල් වරායේ දිය කඩනයේ දිග මීටර් එක්දහස් හාරසිය හැත්තෑපහක් වන අතර ගැඹුර මීටර් හයකි.