ඉන්දියාවේ ගෝවේ බ්‍රික්ස් හා බිම්ස්ටෙක් රටවල රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වු මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉන්දියාවේ තිරුචි නුවර සිට අද (17) පස්වරු 4.25 ට ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රි ලංකාවට පෙර ශ්‍රී ලංකා ජනපති දෙපැයක් පමණ තිරුචි අන්තර්ජාතික ගුවන් තොටේ ප්‍රභූවරුන්ගේ කුටියේ ගත කළේය.
ඔහු ගෝවේ සිට කුලියට ගත් එයාර් ඉන්දියා යානයකින් පස්වරු 1.45 ට පමණ තිරුචි ගුවන් තොටුපළට ළඟාවිය. ඔහු සමඟ ගෝවේ ගිය 25 දෙනා ද විශේෂ ගුවන් යානයෙන් පැමිණියහ.
තිරුචි ගුවන් තොටුපළේ දී රතු පලස එළා ඔහු පිළිගැණිනි. ඒ වන විට ගුවන් තොටුපළ අවට ද ආරක්ෂාව තරකර තිබිණි.
ගුවන් තොටුපළ පර්යන්තයේ පිහිටි විශේෂ අමුත්තන්ගේ කුටියට වෙඩි නොවදින රියකින් රැගෙන ගිය බව හින්දු පුවත්පත කියයි.
අද (17) පස්වරු 3.30 ට කටුනායක බලා පිටත්වන එයාර් ලංකා යානයට නගින තුරු විශේෂ පොලිස් කණ්ඩායම් , සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායම් ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි.
පෙරදින 24 පැය පුරාම මධ්‍යයම කර්මාන්ත ආරක්ෂක බළකාය ද යොදවා තිබිණි. ඊට අමතරව ගුවන් තොටුපළට ඇතුළු වන වාහන සෝදිසියට ලක්විය.
කඩාකප්පල්කාරින් මර්දනය කිරිමේ නිලධාරින් ද යොදවා තිබිණි.
ගුවන් තොටුපළ කේ.එස් පලනිසාමි , පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක බලඇණි හා වෙනත් ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම කැඳවා ඇත.

