සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගියේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැන් බඳුනක් රැගෙන පෙර මඟ ගමන් කර ජනපතිට පිළිගැන්වුවාය. ජනපති ඉන් උගුරක් බිව්වේය. ජනපති අරලිය ගහ මැදුරෙන් පිටත් වෙද්දී සුමනදාස අබේගුණවර්ධන මහතා බුලත් හුරුල්ලක් දී ආචාර කළේය.
අරලිය ගහ මන්දිරයෙන් පිටත් වූ ජනපති හරියටම මිනිත්තු පහකින් රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණියේය.
එහි දී සිය ගණනක් වූ ඡායාරූප ශිල්පීන්ට සිත් සේ ඡායාරූප ගැනීමට රාජපක්ෂ මහතා ඉඩ දුන්නේය.






