අජිත් මාන්නප්පෙරුම ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දකුණු පාදයේ වළලුකරට අඟල් තුනක් පමණ උඩින් කපා දමා ඇති අතර අනෙක් පාදයට ද තරමක් හානි සිදු වී ඇතැයි වෛද්‍යවරු කියති.
ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මාන්නප්පෙරුම මහතාගේ සුවදුක් කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බිරිය දොස්තර මොනිකා මාන්නප්පෙරුම මහත්මියගෙන් කරුණු වීමැසීය.
අවශ්‍ය යමක් වේ නම් දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ඇයට දන්වා තිබේ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මාන්නප්පෙරුම මහතා බැලීමට රෝහලට ගියේය.




