ජනපති එ.ජා.ප ඩිජිටල් කළ හැටි පරීක්ෂා කරයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 77 සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කළ අතර පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ ඒ පිළිබඳව නිරීක්ෂණය කළේය.

 පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතා  ඩිජිටල් කිරීම පිළිබඳව විස්තරයක් ජනපතිට ඉදිරිපත් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 , ජයගමු සංකල්පය අනුව යමින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කෙරුන පළමු අවස්ථාව මෙය බව එජාපය පවසයි.

 එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු  මේ අවස්ථාවට එක්ව සිටියහ.