ජනපති ඉන්දුනීසියා රජයට තුති පුදයි


සහල් සැපයීමේ අඩු පාඩුව මගහරවා ගැනීම සඳහා තමා කළ ඉල්ලීමට අනුව ජනපති වීඩාඩෝ ශී‍්‍ර ලංකාවේ ජනතාවට සහල් මෙට්ටි‍්‍රක් ටොන් පන්දාහක් සැපයූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ දී පැවැති ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් පසු පැවසීය.

අත්‍යවශ්‍ය අවස්ථාවේ දිගු කරන ලද මිත‍්‍රත්වයේ හස්තය වෙනුවෙන් ඉන්දුනීසියානු රජයට ස්තූතිවන්ත වන බවත් දෙරට අතර සබඳතා හා හවුල් ව්‍යාපාර ඉහළට ඔසවා තැබීම සඳහා වූ ආරම්භයක් පිළිබඳ එකඟතාවයන්ට එළැඹුණු බවත් ජනපති කීවේය. 
වැඩි කලක් නොගොස් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනපති ඉන්දුනීසියා ජනපතිට ආරාධනා කළේය.