ජනපති ඉතාලි යයි


ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් හතරවැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සංචාරයක නිරතවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා උතුරු ඉතාලියේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවසීය.

  මෙම උත්සවයට වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යෂක සුදත් දසිල්වා යන මහත්වරුද සහභාගීවූහ.

 ජනාධිපතිගේ මෙම සංචාරය සංවිධානය කරනුයේ  ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා මීට පෙර මිලානෝ හා ඒ අවට  ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවට දෙකක් පැවැත්විනි. මෙහිදී තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ජනාධිපතිතුමා  පිළිගැනීමට බෙර ගැසිමට නොහැකිබවයි.  එයට හේතුව වන්නේ ආරක්ෂක හේතුමත බෙර පලන බවයි.