ජනපති ආරක්ෂක භටයන් 4000ක් 1000ට බස්සයි


ඉදිරියේ දී ජනාධිපතිවරයා සහභාගිවන උත්සව සඳහා දරුවන් යොදා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බවත් ජාතික වශයෙන් වැදගත් නොවන කිසිදු උත්සවයකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය. තමන් ගමන් නොකරණ කිසිදු අවස්ථාවක දී තම පවුලේ කිසිවකුට හෙලිකොප්ටර් යානා ලබා නොදෙන බව ද ජනපතිවරයා කියා සිටියේය. කොටුව ඇතුළු ප්‍රාදේශීය ජනාධිපති මන්දිර කිසිවකට නොයන බවත් ඒවා ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කරණ බව ද හෙතෙම කීවේය. ජනපතිගේ ආරක්ෂාවට සිටි 4000ක ආරක්ෂක බල ඇණිය 1000ක් දක්වා අඩුකළ බවත් කීවේය. ජනතාවට අපහසුවක් වන පරිදි වාහන පෙළ භාවිතා නොකරණ බවත් ජනපති පවසයි.