තරිඳු ජයවර්ධන
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් ඒ ආර් පී ජයතිලක මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.
වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත ඔහු සේවයේ යෙදවීමට අදාල විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිකුරාදා රාත්‍රී නිකුත් කළේය.
ඔක්තෝබර් 23 වැනි දා තමින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා එවූ ලිපියක් සැලකිල්ලට ගෙන ඔහු වසරක කාලයක් සඳහා මෙලෙස සේවයේ යෙදවීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිව ලබා දී තිබිණි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පත් වීම ඔක්තෝබර් 23 වැනි දා සිට ක්‍රියාත්මක වේ.

