2013-2015 මධ්‍ය කාලීන සැලස්මෙහි ඇතුළත් කරුණු හා ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යංශවලට යෑමට සැරැසෙයි.
පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම මෙම 18 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආරම්භ කරයි.
ජනාධිපතිවරයා මාර්තු පළමු වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ මාර්තු අට වැනිදා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයට යන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.
මෙහිදී අමාත්‍යංශවල සැලසුම් අඩුපාඩු, ජනතාවට ලැබෙන සහන, ඉදිකිරීම් හා කාර්ය සාධන දර්ශක ආශ්‍රිතව 2012 වසර පාදක කරගෙන 2013, 2014, 2015 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ගැන සාකච්ඡා කර බවත් වීරතුංග මහතා පවසයි.