ජාත්‍යන්තර පාසල්වල මවු භාෂාව, ආගම හා ඉතිහාසය උගන්වන්නේ නැති නිසා ඒම පාසල්වල ඒවා ඉගැන්වීම සඳහා නීති සම්පාදනය කරන ලෙසත්, රටට ගැළපෙන සහ අනාගත රැකියාවනට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන ලෙසත් අධ්‍යාපන ඇමැතිවරයාටත් නිලධාරීන්ටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) උපදෙස් දුන්නේය. අමාත්‍ය කටයුතු නිරීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අරඹමින් ජනපති එසේ කීවේය. දරුවන් සිටින්නේ ගුරුවරුන් වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපති ගුණාත්මක අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබාදීම රජයේ අරමුණ බවත්, එම ක්‍රියාවලිය සඳහා විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන් ද කැපවී කටයුතු කළ යුතු බව ද පැවැසීය.