ජනපති අභයාරාමයට යයි : මහින්ද පේන්නවත් නෑ


මෛත්‍රීපාල සිරිසේන ජනපති නාරාහේන්පිට අභයාරාමයේ සුචරිත දහම් පාසලේ 78 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අද සහභාගී විය. එහි කැපී පෙනෙන සිද්ධියක් වූයේ  නිතරම වාගේ අභයාරාමයට යන එන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පැමිණ නොසිටීමයි.

අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයේ ජනපතිට ලිපියකින් පමණක් ඇරයුම් කළ බවයි. එහෙත් හිටපු ජනපතිට ඇරයුම් කළ හෝ නොකළ බවක් ඒ හිමියෝ සඳහන් කළේ නැත.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් කියා සිටියේ හය වැනි පැරකුම්බා රජතුමාගෙන් පසුව රට එක්සේසත් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බවයි.

පාතාලය මර්දනය කරන ලෙස මුරුත්තෙට්ටුවේ හිමියෝ ජනපතිගෙන් ඉල්ලීමක් කළහ.

පාතාලය මර්දනය කිරීමට දැනටමත් පොලිස්පතිට හා යුදහමුදාපතිට දන්වා ඇති බව සිරිසේන ජනපති ප්‍රකාශ කළේය.

අභයාරාම ශ්‍රී සුචරිත වර්ධන දහම් පැසලට පැමිණි පළමු රාජ්‍ය නායකයා සිරිසේන ජනපති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පැවසූහ.

_DSC0035 _DSC0056 _DSC0171 _DSC0239 55