ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස ඉන්දියා සංචාරය අරඹයි.
අද සවස දෙකට කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට නියමිත යු.එල් 195 දරණ මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අැතුලු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නවදිල්ලි නුවරට යාමට නියමිතය.
නවදිල්ලි එන්.ඩී.ටී.වී රූපවාහිණියෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකා ජනපතිගේ මංගල සංචාරයේදී දෙරටට බලපාන ඉතා වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දියාව සැදී පැහැදී සිටින බවද ඔහු කීවේය.

