ජනපති අගමැති දළඳා පුදති


නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමග අද උදේ මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදා ගත්හ.

අනතුරුව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දුටහ.

මහ සංඝරත්නය එහිදී සෙත් පිරිත් දේශනා කරමින් සෙත් පැතූහ.

අද පස්වරු 2ට නව ජනපති මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ හය වැනි ජනාධිපතිවරයා වශයෙන් පත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද 11 මහනුවර පැමිණි අවස්ථාවේදී  උණුසුම් පිළිගනීමක් දක්නට ලැබිණි.

අද උදේ වරුවේ මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවට සහ මහනුවර මිරාමක්කම් මුස්ලිම් දේවස්ථානයේද, මහනුවර ශ‍්‍රී සෙල්වවිනායගර් කෝවිලේදීද අති විශාල ජනකායක් මෛත්‍රිපාල සිරිසේන ජනපති පිළිගත්හ.

DSC_0745

DSC_0804 DSC_0877 DSC_0959

DSC_0779 DSC_0865

ඡායාරූප ශාන්ත රත්නායක

IMG_3087 IMG_3091 IMG_3100 IMG_3107 IMG_3126

ඡායාරූප - ලලිත් වලිසුන්දර

DSC_7208 DSC_7234 DSC_7318

ඡායාරූප - ගාමිණී රණසිංහ