ජනපති අගමැති අදත් රණවිරු සැමරුමක


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස 6 ට ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී යුද ජයග්‍රහණය වෙනුවෙන් අභීතව සටන් කළ දැයේ රණවිරුවන් සිහි කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවෝ 2500කට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත බව සංවිධායකයෝ කියති.