ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් විය.
මෙම දුත පිරිස අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය චම්පික රණවක, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද වුහ.

