ජනපති හිත උණු වේ : පාරේ හිටි 235 කට යළි රැකියා


හිටි ගමන් රැකියා අහිමි  විම නිසා දින කිහිපයක්  තිස්සේ  බත්තරමුල්ල සෙත්සිරි පාය  අසල පාරේ සිටි දෙසිය විසි අට දෙනෙකුට වහාම රැකියා  සපයන  ලෙස  මෛත්‍රීපාල  සිරිසේන  ජනපති  අද (17) මහා මාර්ග  ලේකම්ට නියෝග කළේය.

මහාමාර්ග දෙපාර්තුමේන්තුවේ  සේවය කළ  135 දෙනෙක්  ද ආයෝජන  මණ්ඩලයේ   93 දෙනෙක්  ද  එහි  වුහ.   මහින්ද අමරවීර   හා  ලක්ෂ්මන්  යාපා   අබේවර්ධන  යන  ඇමතිවරු  ජනපතිට ඔවුන්ගේ  දුක් ගැනවිල්ල ඉදිරිපත්  කළහ.