ජනපති කොමිසමේ ආයුෂ වැඩි වෙයි


බරපතල වංචා  දුෂණ විමර්ශණ කොමිෂන්  සභාවේ  නිල කාලය වසරකින්  දිර්ඝ කිරිමට  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  තීරණය කර  ඇතැයි  එහි ලේකම්  ලැසිල්  ද සිල්වා  මහතා  පැවසීය.

ලබන මාර්තු  මාසයේ  එහි  නිලකාලය අවසන්  විමට  නියමිතව තිබුණද 2017 වසරේ  මාර්තු  3 වැනි දා  දක්වා  නිල කාලය පවත්නා බව ඔහු  කීහ.

පසුගිය 11 වැනි දා  එයට  අදාල ලිපිය සඳහා  ජනාධිපතිවරයා අත්සන්  තබා  ඇතත් තමා  වෙත එම ලිපිය අද (17) ලැබුණු  බව සිල්වා  මහතා  සඳහන් කළේය.